Vpn - Virtual Private Network
අද අපි කතා කරමු Vpn ගැන... මොකද්ද මේ Vpn එකක් කියන එකෙන් අදහස් කරන්නේ? ඒකෙන් සිද්ධ වෙන්නෙ මොකද්ද , විශේෂත්වය මොකද්ද?
ඇත්තටම Vpn එකකින් සිද්ධ වෙන දේ ගැන සරල උදාහරණයක් මඟින් මේ විදියට පැහැදිලි කරන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය තුල ඕනෑම තැනකට යද්දි (ඕනම resource එකකට පිවිසෙද්දි) කෙලින්ම ඒ වෙත යනවා වෙනුවට vpn එකක් භාවිත කරලා අපිට පිවිසෙන්න අවශ්‍ය වන තැනට vpn එකක් හරහා සම්බන්ධ වෙන්න පුලුවන්. ඔය සිද්ධිය මේ විදියට හිතමු 🤔
ඔයා facebook.com එකට යන්න හදනවා. අන්න එතනදි ඔයා කෙලින්ම ඒ facebook එක තියෙන network එකට යන්නෙ නෑ. ඔයා යන්නෙ vpn එකට. ඊට පස්සෙ ඒක හරහා ඔයාව යවනවා facebook එකට. ඔය සිද්ධියේදි වෙන විශේෂිතම දෙයක් තමයි facebook එකට ඔයාගෙ විස්තර පේන්නෙ නැති එක. එහෙනම් facebook එකට පෙන්නන්නෙ කාගෙ විස්තරද? ඉතින් ඔයානෙ යන්නෙ නේද? එතන තමයි හොඳම වැඩේ තියෙන්නේ. මොකද Facebook එකට පේන්නෙ vpn එකේ විස්තර. හැබැයි ඉතින් පොඩි අවුලක් තියෙනවා. Facebook එකට ඔයාගෙ විස්තර නෙපෙණුනාට vpn එකට නම් ඔයාගෙ විස්තර පේනවා. හුඟක් අය දන්නව ඇති මේ සිද්ධිය ගැන. කොහොම වුණත් මේක තමයි vpn එකක් මඟින් වෙන්නේ.
ඒ වගේම සඳහන් කළ යුතුම කාරණාවක් තියෙනවා. අපි මේ සැරිසරන cyber අවකාශය පුරාවටම විවිධාකාර වර්ගයේ Vpn තියෙනවා. හැබැයි මේ සියලුම vpn ඉතා හොඳ වගේම ගුණාත්මක තත්වයෙන් ලබා ගන්න බැහැ. ඒ වගේම හැම vpn එකකම තියෙන්නේ එක සමාන features නෙවෙයි . ඒ හැම vpn එකකම තියෙන features විවිධත්වයෙන් යුතුයි. ඒ වගේම ඒ හැම vpn එකකටම අනන්‍ය වූ වාසි සහ අවාසි තියෙන්න පුලුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට vpn එකක් භාවිත කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන වගේම ඒවා භාවිතයෙන් අපිට ඇතිවන අවාසි පිළිබඳව කතා කරමු.
වාසි
1) අපිට access කරන්න බැරි, ඒ කියන්නේ streaming services. ( එකී මෙකී නොකී එක එක sites) සඳහා access ගන්න පුලුවන්.
2) Vpn එකක් භාවිත කිරීමෙන් සාපේක්ෂව ඔයාට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. (𝐢𝐩 𝐚𝐝𝐝𝐫𝐞𝐬𝐬 එක 𝐡𝐢𝐝𝐞 කරනවා)
3) Gaming වලට හොඳයි. 🥴
4) Vpn එකක් භාවිත කිරීම තුළින් ඔයාගෙ මුදල් ඉතුරු වෙනවා. මේක ගැනනම් හැමෝම වගේ දන්නව ඇතිනේ 😉 මොකද අනිත් security plans වලට සාපේක්ෂව මේ සඳහා යන මුදල ඉතා අවමයි. (free vpn තිබුණත් හැම වෙලාවෙම ඒවා විශ්වාස කරන්න අමාරුයි.)
අවාසි
1) ඔයාගෙ Connection Speed එක slow වෙනවා. Vpn එකක් භාවිත කිරීම නිසා ලැබෙන ප්‍රධානතම අවාසියක් විදියට මේක ගන්න පුලුවන්.
2) ඇතැම් අවස්ථාවලදී Vpn connection එක drop වෙන්න පුලුවන්.
3) Free ලබා දෙන Vpn වලින් අපේ data වලට කිසිදු ආරක්ශාවක් නොලැබීම.
4) Data usage එක වැඩි වීම.
CyberGhost, express vpn සහ private internet access කියන vpn තුන දැනට භාවිතයේ තියෙන guarantee කරන්න පුලුවන් හොඳම vpn තුනක්. Internetprivate access එකෙන් නම් කිසිම data එකක් තියාගන්නේ නැහැ කියල කියනව(ලු).ඒ වගේම FBI එකෙන් ඉල්ලුවත් එයාලටවත් කිසිම කෙනෙකුගෙ data දෙන්න විදිහක් නැහැ කියලත් කියනවා(ලු).😳 හැබැයි ඉතින් අවුල කියන්නේ මේ දේවල් එයාල තවමත් තහවුරු කරලා නෑ. කියනව(ලු) කියල තමයි මටත් කියන්න පුලුවන්.🥴
إرسال تعليق