Cyber Security Part 02


## Cyeber Security (Part 02)

🩸2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත.🩸
            
මම පෙර දිනකදී මෙම ලිපි මාලාව ඔස්සේ පරිගණක අපරාධ පනත පිළිබද කෙටි විග්‍රහයක් සිදු කළෙමි.අද අපි මෙම අපරාධ පනත හා එහි ප්‍රතිපාදනයන් පිළිබද යම් කිසි දැනුමක් ලබා ගනිමු.
              සත්‍ය වශයෙන් ම මෙම පරගණක අපරාධ පනත මගින් නව අපරාධ ගොන්නක් හදුන්වා දී ඇත.එහි පවතින ඉතා වැදගත් වගන්ති කිහිපයක් පිළිබද පහතින් විස්තර කර ඇත.

 * 3 වන වගන්තිය - මෙම වගන්තිය මගින් අපට ඒදිනෙදා දක්නට ලැබෙන ප්‍රබල අපරාධයක් පිලිබද විග්‍රහ කරයි.එනම් අනවසර පිවිසුම නැත්නම් Unauthorized Access යන්නයි.මෙය ලංකාව තුළ වරදකි.මෙම වරද සිදුවිය හැකි ස්වරූප කිහිපයක් නිතීය තුළ පැහැදිලි කරයි.
                        මෙම අනවසර පිවීසිම තමා ඉදිරි පිට හෝ ඈතින් පිහිටි පරිගණකට වුවද විය හැකිය.වැදගත්ම වනුයේ තමන්ට අවසරයක් නොමැති බව දන්නවා නම් හෝ තමාට අවසරයක් නොමැති බවට කරුණු දැන ගැනීමට ඇත් නම් දැන දැනත් පරිගණයකට හෝ ජාලයකට ඇතුළු වීම වරදකි.
නිදසුනක් වශයෙන් විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් Exam Division එක වෙත ගොස් සිටි නම් ඔහුට ඒම යන්ත්‍ර උපකරණ ස්පර්ශ කිරීමට අයිතියක් නැත..එහි පවතින වට පිටාවෙන්ම ඒ් බව තේරුම් යනු ඇත.
              තවද මෙම නිතිය තුළ පැහැදිලිවම සදහන් කර ඇති කරුණක් වනුයේ අදාළ ස්ථානයටම නොගිය බව නිදහසට කරුණක් නොවන බවයි.
                                 නිදසුනක් ලෙස විශ්ව විද්‍යාල Exam Division තුළ පවතින පරිගණකයකට ඇතුළු වූ ශිෂ්‍යයකු එය හසු වීමෙන් පසු ප්‍රකාශ කළ හොත් "අපේ ළකුණු තියෙන්නේ මේ ෆෝල්ඩර් එකේ,මම ඒකට ගියේ නැහැ" වැනි ප්‍රකාශ නිදහසට කරුණක් නොවේ.
             🌡. මෙම වරද සදහා දඩුවම,
                              දඩය-රු.ලක්ෂ 1ක් දක්වා ඕනෑම මුදලක්
                                සිරදඩුවම-වසර 5ක් දක්වා උපරිමය බරපතළ වැඩ සහිතව සිර දඩුවමක් හෝ මෙම දඩුවම් දෙකම එක වර ලබා දීම සදහා ගරු අධිකරණයට හැකිව පවතී..              

 *.4 වන වගන්තිය- මෙහිදී අනවසරයෙන් පැමීණිමත් වරදක් බවත් පැමිණ සිදු කරනු ලබන කාර්යයත් වරදක් බව සදහන් වෙනවා.
               නිදසුනක් වශයෙන් යම් පුද්ගලයෙකුගේ පරිගණක පදුධතියකට අනවසරයෙන් ඇතුළු වීමත් වරදකි.එසේ පැමිණ එහි තොරතුරු වෙනත් අයෙකුට ලබා දීම තවත් වරදකි..සත්‍ය වශයෙන්ම මෙම වැරදීන් 2කි.මෙම වරද ඉහත කී 3 වන වගන්තියෙහි සදහන් වරදට වඩා ප්‍රබල ප්‍රචලිත වරදකි.  
                 
🌡. මෙම වරද සදහා දඩුවම,
                                     දඩය-රු.ලක්ෂ 2ක් දක්වා ඕනෑම මුදලක්
                                      සිරදඩුවම-වසර 5ක් දක්වා උපරිමය බරපතළ වැඩ සහිතව සිර දඩුවමක් හෝ මෙම දඩුවම් දෙකම එක වර ලබා දීම සදහා ගරු අධිකරණයට හැකිව පවතී..

 *.5 වන වගන්තිය- පරිගණකයක සදහන් තොරතුරු හා දත්ත අනවසරයෙන් වෙනස් කිරීම වරදකි.මෙය Unauthorized Modify ලෙසද හදුන්වයි.
                                            වෛරස මගින් පරිගණක දත්ත විනාශ කරන්නන් මෙම ගනයට අදාළ වේ.සෑම වෛරසයක් ම විනාශ කිරීම වරදක් නොවේ..එහෙත් එය වෙනත් පරිගණක වෙත මුදා හැරීම වරදකි.
මෙම අපරාධය මෙම පනත තුළින් හදුනවා දෙනු ලබන ප්‍රබල අපරාධයක් ලෙසද හැදින් විය හැකිය.
                     🌡. මෙම වරද සදහා දඩුවම,
                                     දඩය- නිශ්චිත සදහනක් සිදු කළ නොහැක.
                                      සිරදඩුවම-මාස 6 නොඅඩු වසර 5ක් දක්වා උපරිමය බරපතළ වැඩ සහිතව සිර දඩුවමක් හෝ මෙම දඩුවම් දෙකම එක වර ලබා දීම සදහා ගරු අධිකරණයට හැකිව පවතී..
                      👉👉 වශේෂයෙන් ම කිසියම් පුද්ගලයෙකු විසින් සයිබර් අපරාධයක වින්දිතයෙකු වී ඇත් නම් ආදාළ අංශයන් වෙත ගොස් දැනුම් දෙන්න..ඔහුට හෝ ඇයට නීතිමය ප්‍රතිපාදන මෙම පරිගණක අපරාධ පනත තුළ පවතී..අවශ්‍ය වන්නේ ඉදිරිපත් වී අදාළ අංශ දැනුවත් කිරීම පමණි.👈🏻👈🏻👈🏻


Post a Comment

Post a Comment (0)

Previous Post Next Post