🔥 සයිබර් ලොවේ ආරක්ෂාව 🔥
𝗖𝘆𝗯𝗲𝗿 𝗦𝗲𝗰𝘂𝗿𝗶𝘁𝘆 කියන නම ඇහෙද්දිම අනිවාර්යයෙන් ගොඩක් දෙනෙකුගෙ ඇගට අමුතුම කික් එකක් දැනෙනවා ඇති. ඔයාලගෙ ඒ කික් එක දෙගුණ තෙගුණ කර ගන්න, අපි බලමු 𝐂𝐲𝐛𝐞𝐫 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 ගැන ලස්සන කරුණු ටිකක්. ගොඩක් දෙනෙක් හොයන ගොඩක් දෙනෙක් ආස Topic එකක් තමයි Cyber Security කියන්නෙ. හැබැයි මේ ගැන සිංහලෙන් Resources ගොඩක් අඩුයි.
🔥 𝐂𝐲𝐛𝐞𝐫 𝐖𝐨𝐫𝐥𝐝 🔥
සයිබර් ලෝකය කියන්නෙ නිරන්තරයෙන්ම අමුතු අමුතු දේවල් සිදු වෙන බොහොම අපූරු වගේම බියකරු තැනක්. මේ සයිබර් ලෝකයේ බියකරු භාවයට හේතු වෙන ප්රධානම හේතුවක් තමයි #නීතිවිරෝධී_හැකර්වරුන්. මොවුන්,
👉 පරිගණක පද්ධතීන්ට පහර දෙනවා.
👉 ඒවගෙ දත්ත හොරකම් කරනවා.
👉 ඒවා භාවිත කරන්නන්ට හානි කරනවා.
🔥 ඉතින් මෙවැනි හානිදායක වැඩ මෙයාලා කරන්නෙ කොහොමද? 🔥
මේ හැකර්වරුන් මේ දේවල් කරන්නෙ ඒ ඒ පරිගණක පද්ධතිවල හෝ ඒවා භාවිතා කරන්නන්ගෙ තියෙන විවිධාකාර දුර්වලතා නිසා. පරිගණක පද්ධතිවල විවිධාකාර දුර්වලතා විශාල ගණනක් ඇති වෙන්න පුළුවන්. ඊලගට භාවිතා කරන්නන් ඒ කියන්නෙ මිනිසුන්. එයාලගෙ තියෙන ප්රධානම දුර්වලතාවය තමයි මේ Cyber Security ගැන නොදැනුවත්කම. ඔන්න ඔය දේවල් හේතු කරගෙන හැකර්වරුන් එයාලගෙ විශේෂිත දැනුම ☠ වගේම සිතීමේ හැකියාව භාවිතා කරලා පද්ධති සහ මිනිසුන්ට හානි සිදු කරනවා.
🔥 මේ හැකර්වරුන්ගේ ග්රහණය ලක් නොවී ගැලවෙන්නේ කෙසේද? 🔥
මෙන්න මෙතනදි තමයි අපිට #Cyber_Security කියන දේ ප්රයෝජනවත් වෙන්නෙ. මිනිසුන්ගෙ දුර්වලතා නැති වෙන්න නම් Cyber Security තුල විස්තර කර තිබෙන Cyber ආරක්ෂණ උපදෙස් පිලිබද අවබෝධය තිබීම වගේ ම ඒවා නිසිලෙස පිලිපැදීමත් කල යුතු යි. මේ ගැන Resources ලේසියෙන් හොයා ගන්න පුළුවන් නිසා මම වැඩි දෙයක් මේ ගැන කතා කරන්නෙ නෑ. අපි යමු System Security part එකට.
ඔයාලා දන්නවද දිනකට ලොව පුරා වෙබ් අඩවි 30 000කට අධික ප්රමාණයක් හැකර්වරුන්ගේ ප්රහාරයන්ට ලක් වෙනවා. ඒ වගේම මේ වෙබ් අඩවි අතර බොහෝ අවස්ථාවන්වල #ශ්රී_ලංකාවේ වෙබ් අඩවි ද ඇතුලත් වෙනවා. මේ වෙලාවෙදිත් අනිවාර්යයෙන් ම ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් ම හැකර්වරුන්ගේ ප්රහාරයන්ට ලක් වී ඇත.
Site:lk intext:hacked by
Site:lk intitle:hacked by
වැනි Google Dork හරහා එවැනි ඇතැම් වෙබ් අඩවි දැක ගන්න පුළුවන්.
මේ දේවල් මේ විදියට සිද්ධ වෙන්න බලපාන ප්රධානතම හේතුව විදියට වෙබ් අඩවි මෙන්ම ඕනෑම පරිගණක පද්ධතියක් නිසි ලෙස ආරක්ෂා නොකිරීම කියන කාරණය දක්වන්න පුලුවන්. ඉතින් ඒක නිසා ඕනෑම පරිගණක පද්ධතියක් නිර්මාණයේදී එහි ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අනිවාර්යයෙන් කල යුතු දෙයක්.🤙💪
Post a Comment