## ♠පරිගණක වයිරස(viruses)
- ☞පරිගණක වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් තමාගේ පිටපත් පරිගණකය තුළ පතුරුවන පරිගණක වයිරස ජාල මගින්ද,USB flash ධාවක හා මතක තැටි වැනි බාහිර ආචයන උපාංග හෝ විද්‍යුත් තැපැල් ඇමුණුම් මගින්ද පරිගණක ආක්‍රමණය කරයි.
- ☞දත්ත,මෘදුකාංග හා දෘඩාංගවලට හානි පමුණුවන සෑම වයිරස වර්ගයක්ම සම්බන්ධ වන්නේ ක්‍රියාකාරී ලේඛන(executable files) සමගය.එනම් පරිගණකය වයිරසයක් ඇතුලු වූ විට එය සෑම විටම පද්ධතිය තුළ සක්‍රීයව පවතියි.
♠පරිගණක වර්ම්ස්(worms)
☞පරිගණක වර්ම්ස්(computer worms) ද වයිරස හා සමාන ලෙසින් ක්‍රියාකරයි.නමුත් වර්ම්ස්වලට තනිවම ක්‍රියාත්මක වීමේ හා පැතිරීමේ හැකියාවක් ඇති අතර ඒ සදහා
⛁විද්‍යුත් තැපැල් ඇමුණුම්(E-mail attachments)
⛁ව්‍යාජ වෙබ් අඩවි
⛁ක්ෂණිකව මතුවන පණිවිඩ රාමු
වැනි පරිගණක මූලික සමාජ ඉංජිනේරු(social engineering)උපක්‍රම යොදා ගනු ලැබේ.
♠ඔත්තුකරුවන්(spyware)
⛁ට්‍රෝජන් අශ්වයා(trojan horse)
☞ග්‍රීකයින් විසින් ට්‍රෝයි රාජ්‍යය යටත් කර ගැනීමට යොදාගනු ලැබූ ලීයෙන් තැනූ අශ්වයා නිදසුන් කරගනිමින් නම් කරන ලද ට්‍රෝජන් අශ්වයා යනු තවත් හානිකර මෘදුකාංගයකි.
☞අව්‍යාජ බවක් පෙන්නුම් කරන නමුත් හානිකර මෘදුකාංගයක් වන මෙය පරිශීලකයා නොදැනුවත්වම පද්ධතියට සම්බන්ධ වෙයි.
☞අනවශ්‍ය ලෙස වැඩතල(desktops) ඇති කරමින්ද,ලේඛන මකා දමමින් හා දත්ත සොරකම් කරමින්ද පරිශීලකයා අපහසුවට පත් කරන ට්‍රෝජන් අනෙකුත් හානිකර මෘදුකාංග පරිගණකයට ඇතුළුවීම සදහා පහසුකම් සලසයි.
☞විද්‍යුත් තැපැල් ඇමුණුම් විවෘත කිරීමෙන් සහ අන්තර්ජාලය ඔස්සේ බාගත කරනු ලබන ගොනු සමග පරිගණකය ආක්‍රමණය කරනු ලබන ට්‍රෝජන් පරිගණක වයිරස හා වර්ම්ස් මෙන් බෝවීම සිදු නොකරයි.
අනවශ්‍ය දැන්වීම්(Adware)
☞මෙමගින් පරිගණක තිරය මත දර්ශනය කිරීම මෙම හානිකර මෘදුකාංගයේ ස්වභාවයයි.
☞එම දැන්වීම් උපයෝගී කරගෙන වාණිජ්‍ය තොරතුරු ලබාදෙයි.
☞අනවශ්‍ය දැන්වීම් පරිගණක වයිරස මෙන් හානිදායක නොවූවත් පරිශීලකයා මානසික වශයෙන් පීඩාවට පත්කරයි.
♠බොට්ස්(Bots)
☞රොබොට් යන නාමයෙන් උපුටා ගත් bots යනු,අනෙකුත් ජාල සමග සම්බන්ධතා පවත්වන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන හානිකර මෘදුකාංගයකි
☞ක්ෂණික පණිවුඩ හා අන්තර්ජාල සංවාද මගින් පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමට bots යොදා ගැනේ.
♠කොල්ලකරුවා(hijacker)
☞වෙළද,වාණිජ හා වෙළද ප්‍රචාර කටයුතු සදහා නිර්මාණය කල මෙමගින් පරිශීලකයා අන්තර්ජාලය හා සම්බන්ධ වන විට ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටු වලට සම්බන්ධතාව යොමු කරනු ලබයි.
☞මෙය ඉහත සදහන් කල Adware හා සමාන වේ.
♠ආයාචිත තැපෑල(spam)
☞අනවසරයෙන් ලැබෙන විද්‍යුත් තැපැල් ආයාචිත තැපැල් ලෙස හැදින්වේ.
☞මේවා බොහෝ විට භාණ්ඩ සදහා වූ වෙළද දැන්වීම් හෝ නොහදුනන අයෙකු විසින් එවන ලද විද්යුත්තැපෑලක්ද විය හැකිය.
☞මේ හේතුවෙන් තැපැල් ගිණුම් පිරීයාම නිසා පරිශීලකයා අපහාසුතාවට පත්විය හැකිය.
☞පුද්ගලයින්ගේ විද්‍යුත් ලිපින වංචා සහගත ලෙස ලබාගනිමින් නොයෙකුත් මුදල් වංචා සදහා පෙළඹවීමට එවනු ලබන විද්‍යුත් තැපැල්ද ආයාචිත තැපෑල් වේ.
Post a Comment