Dark Web & Deep Web ගැන සියලු දේ දැනගනිමු....
අද ලිපියෙන් මම කතාකරන්නේ මේ දවස් වල ගොඩ දෙනෙක්ගේ කතා බහට ලක්වෙලා තියන මාතෘකාවක්
ගැන.
ඇත්තටම මොකක්ද මේ Dark Web , Deep Web කියන්නේ ? මේවා කියන තරම් නරක ද ?
මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.
Dark Web , Deep Web ගැන කතා කරන්න කලින් මුලින්ම අපි බලමු මොකක්ද මේ Web කියන්නේ කියලා.
Web සහ Internet කියන්නේ දෙකක්ද..එහෙමත් නැත්තන් එකක්ද කියන කරුණු අපි කතා කරලා ඉමු.
Internet Vs Web
1989 අවුරුද්දෙදි ටීම් බර්න්ස් ලී මහතා ඉදිරිපත් කරපු ලෝක විසිරි වියමන (WWW - World Wide Web) යන සංකල්පයෙන් අන්තර්ජාල පරිහරණය කරන පුද්ගලයන්ට තමන්ගේ තොරතුරු සහ අනිත් මාධ්‍ය (පින්තුර,වීඩියෝ,හඩපට) වගේ දේවල් හුවමාරු කරගෙන පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය උනා. ඒ තමයි Web.අපි කවුරුත් Internet යනවා කියලා කරන්නේ මෙන්න මේ වෙබ් එකේ තියන වෙබ් අඩවි, වෙබ් පිටු වලට ගිහින් ඒවගෙන් තොරතුරු ගන්න එක.
එතකොට මතක තියාගන්න ඕනේ දේ තමයි Web එක කියන්නේ Internet එක ඇතුලේ තියන එක සේවාවක් විතරයි. ඉන්ටෙර්නෙට් එක ඇතුලේ වෙබ් එකට අමතරව email, Usenet news groups, instant messaging ,FTP වගේ තවත් සේවාවන් ගොඩක් තියනවා.
WWW සංකල්පයත් සමග ලී මහතා විසින් තවත් විශේෂ නියමයන් කිහිපයක් ඉදිරිපත් කරා.
ඒවා නම්
• HTTP (Hyper Text Transfer Protocol) - Web තුල දත්ත සම්ප්‍රේෂණය කිරීමට අදාළ නියමයන්.
• HTML (Hyper Text Markup Language) - Web තුල දත්ත සහ තොරතුරු පරිශීලකයන්ට ලබා දෙන්නේ වෙබ් පිටු විදිහට.HTML කියන්නේ මේ වෙබ් පිටු හදන්ඩ පාවිච්චි කරන භාෂාව.
• URL (Uniform Resource Locator) - අන්තර්ජාලය ඇතුලේ ඇති වෙබ් අඩවියක් හෝ වෙබ් පිටුවක් වෙතට ලගා වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.ඒ කිව්වේ වෙබ් පිටු වලට ලිපිනයක් තියෙන්න ඕනේ.ඒ ලිපිනය URL කියලා හදුන්වනවා.
හරි ඊළගට අපි බලමු මොකක්ද මේ Dark Web , Deep Web කියන්නේ කියලා.
Dark Web Vs Deep Web
අපිට Web එක කොටස් තුනකට බෙදල දක්වන්න පුළුවන් .
• Surface Web
• Deep Web
• Dark Web
Surface Web
අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine තියනවනේ.මෙන්න මේ Search engine වලින් Index කරන, ඒ කිව්වේ තේරෙන බාසාවෙන් කියනවනම් Search Engine වලට අහුවෙන වෙබ් අඩවි ඔක්කොම Surface Web එකේ තියෙන්නේ කියලා කියනවා.
Deep Web
අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine වලින් index කරන්නේ නැති , එහෙමත් නැත්තන් Search Engine වලට අහුවෙන්නේ නැති වෙබ් අඩවි, වෙබ් පිටු සහ දත්ත Deep Web එකේ තියනවා කියලා අපි සලකනවා.
අපි හැමෝම එදිනෙද ජීවිතයේදී හැමදාම වගේ මේ කියන Deep Web එකට යනවා ඒක පාවිච්චි කරනවා කියලා සමහරු පිළිගන්නෙත් නැති වෙයි.
එත් ඇත්ත කතාව තමා අපේ Private Email Account එකේ තියන Emails ටික Google Search කරල ගන්ඩ බෑනේ නේද. ඒ කියන්නේ අපේ email account එකට ලොග් උනා කියන්නෙත් අපි Deep Web එක පාවිච්චි කරනවා කියන එක.
තව හොද උදාහරණයක් තමයි ඔයාල ගොඩ දෙනෙක් අහල ඇති ඉන්ට්‍රානෙට්(Intranet) ගැන. Intranet එකක් කියලා කියන්නේ ඉන්ටෙර්නෙට් එකේ තියන Private network එකකට.
මේ විදිහේ Intranet ඕනේ තරම් Internet එකේ තියනවා. හැබැයි මේවා ඇතුලේ තියන දේවල් Search Engine වලින් පෙන්නන්නේ නෑ .එහෙනම් මේ Network තියෙන්නෙත් Deep Web එක ඇතුලේ.
Deep Web එක කොච්චර ලොකුද?
මුළු වෙබ් එකෙන්ම 99%ක් විතරම අයිති වෙන්නේ Deep web එකට..අපි ගුගල් කරොත් සැහෙන වෙබ් පිටු ගානක් හොයාගන්න පුළුවන්.ඒ ඔක්කොම එකතු කරත් 1%යි කියන්නේ Deep Web එකේ තරම ගැන හිතාගන්න බෑ නේද.
එතකොට මේ Deep Web එක නරකයි එකට යන්ඩ එපා කියන්නේ බොරුවක්ද?
ඇත්තටම මේ කතාව පිටිපස්සේ තියෙන්නේ පටලැවිල්ලක්. Deep Web කියන්නේ අපිට එදිනෙද වැඩවලට ඕනේ කරන තැනක්. Deep Web කියල තැනක් නැතුව තිබ්බනම් අන්තර්ජාලය ඇතුලේ අපිට කිසිම Privacy එකක් නැතිවෙනවනේ. එහෙම හැමදේම Surface web එකේ තියනවා කියලා හිතමුකෝ. එතකොට Saman Gamage කියල මනුස්සයෙක් ඉන්නවනම් අපි Google Search කරොත් Saman Gamage's emails කියලා ඒ මනුස්සයට ඇවිත් තියන Emails ටික ඔක්කොම පෙන්නන්ඩ ඕනේ.
ඒ කියන්නේ Deep web කියන්නේ අපිට අවශ්‍ය දෙයක්.
Dark Web
ඔන්න දැන් අපි නමේ හැටියටම අන්තර්ජාලයේ ටිකක් අදුරු පැත්තක් ගැන කතා කරන්න යන්නේ. මන් අර කලින් කිව්වේ Deep web එක හොද නෑ කියලා කියන්නේ පටලැවිල්ලක් නිසා කියලා. ඇත්තම කතාව අපි පරිස්සම් වෙන්න ඕනේ Deep Web එකට යනකොට නෙමෙයි Dark Web එකට යනකොට. අපි බලමු ඒ ඇයි කියලා.
අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine වලින් index කරන්නේ නැති , වෙබ් අඩවි Deep Web එකට අයිති වෙද්දී ඒ Deep Web එකේ තියන දේවල් අපේ සාමාන්‍ය Web Browser එකෙන් ගිහින් කිසි ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්නේ.
හැබැයි Search Engine වලට අහු වෙන්නෙත් නැති අපි සාමාන්යෙන් පාවිච්චි කරන Chrome,Firefox වගේ කිසිම webbrowser එකකින් යන්නත් බැරි Websites ,Webpages තියනවා.
ඒ වගේ Websites ,Webpages තියෙන්නේ DarkWeb එකේ කියලා අපි කියනවා. එතකොට මේ Dark Web කියලා කියන්නේ Deep Web එකේම එක කොටසක්.
මොකක්ද මේ Tor?
හැමෝටම Dark Web එක කිව්වා ගමන් මතක් වෙන්නේ Tor Network එක. Tor Network එක කියලා කියන්නේ Dark Web එකේ තියන ප්‍රසිද්ද network එකක්.
1990 මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් තම බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා රතුළූණු මාර්ගගත කිරීම හෙවත් Onion routeing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් සඳහා මූලික අඩිතාලමක් ඇරඹුවා.
1997දී එය ඇමරිකාවේ විශේෂ ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය (DARPA) අතින් ද එය වැඩිදියුණු වුණා. පසුකාලීනව Tor (The Onion Router) නම් මෘදුකාංගයක් සංවර්ධනය කොට එහි ඇල්ෆා වෙළුම නිකුත් කළ පරිගණක ක්‍රමලේඛකයන් කිහිප දෙනෙක් එය Tor ව්‍යාපෘතිය ලෙස නම් කළා. මෙහි ලාංඡනය ද ළූණු ගෙඩියක් වූ අතර ඉන් අදහස් කරන්නේ ළුෑණුවල ඇති විවිධ ස්ථර ආකාරයෙන් මධ්‍යය පිටතින් ආවරණය කොට ආරක්ෂාව දැඩි කොට ඇති බවයි. Tor ව්‍යාපෘතිය දැන් ලාභ නොලබන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
මේ Tor Network එකට සම්බන්ද වෙන්න තියන ලේසිම ක්‍රමය තමයි Tor Browser එක ඉන්ස්ටෝල් කරගන්න එක. Tor Browser කියලා කියන්නෙත් Mozilla Firefox Browser එකේම Modified Version එකක්.
මෙම ජාලය තුළ ඇති ආරක්ෂිත වෙබ් අඩවි සඳහා ICANN එක ද ‘විශේෂ අවශ්‍යතා’ යටතේ වර්ගීකරණය කරන ලද .onion නම් වසම් නාමයක් ද භාවිතා වන අතර සාමාන්‍ය බ්‍රවුසරයකින් එම වෙබ් අඩවි වලට පිවිසෙන්නට බැහැ.
Tor Browser එක සහ Tor Network එක ගොඩක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ කරුණු කීපයක් නිසා.
ප්‍රධානම කරුණු තමයි,
Tor Network එක සහ Tor browser එකෙන් අපිට ගොඩක් හොද Privacy එකක් දෙනවා Internet Browsing වලට. ඒ කිව්වේ අපි හැමෝම දන්නවනේ අපි මෙහෙන් ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්නේ මොනවද යන්නේ මොන සයිට් වලටද, හොයන්නේ මොනවද කියලා Dialog,Mobitel වගේ අපේ Internet ISP හොරෙන්ම බලාගෙන ඉන්නවනේ. ඉතින් මෙන්න මේක නැති කරලා අපිට පවුද්ගලිකත්වය රැකගෙන internet යන්න දෙනවා Tor වලින්.
ඊලග ප්‍රදානම කාරණය තමයි Tor Network එකේ විකුනන්ඩ තියන හිතාගන්ඩවත් බැරි තහනම් දේවල්.
පොඩි Real Examples ටිකක් ගමු..
• හරිම ලේසියෙන් ඇමරිකාවේ Driving Licen එකක් හදාගන්න පුළුවන්.
• කිසිම ප්‍රශ්නයක් නැතුව මත්ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්.
සමහරු ලෝකේ ඕන තැනකට එවනවා කියල කියනවා. තව කොච්චර තියනවද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ..සමහරවිට සිය දහස් ගානක් ඇති.
• තුවක්කු , බෝම්බ තව ඕන දෙයක්..ෆිල්ම් එකක නෙමේ මේ ඇත්තම දේවල්..
• මෙන්න වටිනා දෙයක්..හැකර් කෙනෙක් හයර් එකට ගන්ඩ පුළුවන්
.මේ සයිට් එකේ තියන විදිහට එයාල Facebook Account එකක් හැක් කරන එකේ ඉදල ලොකු සමාගමක් විනාශ කරලා දන එකට එනකන් ඕනේ දෙයක් කරනවලු. ඕන කරන්නේ සල්ලි විතරයි..
• ඔන්න තරහකාරයෝ එහෙම ඉන්නවනං ගේමක් දෙන්ඩ පුළුවන්
Hitman Team එකක් කුලියට ගත්තනම්..මිනීමැරීම් , පැහැරගැනීම් ඕන එකක් කරනවලු මෙයාල..
ඔය මම කිව්වේ මේ Tor Network එකේ තියන දේවල් වලින් බොහෝම පොඩ්ඩයි..තව මේකේ ළමා අපචාර (Child Porn) වීඩියෝ , Rape වීඩියෝ වගේ දේවල් හරිම ලේසියෙන් හොයාගන්ඩ පුළුවන්.
Tor Network එක පාවිච්චි කරන එක ආරක්ශිතද?
මම කලින් කිව්වා වගේ Tor Browser එක සහ tor network එකෙන් ඔයාගේ privacy එක ආරක්ෂා කරන්ඩ ගොඩක් ක්‍රම අනුගමනය කරලා තියනවා. එහෙනම් ඇයි ගොඩ දෙනෙක් කියන්නේ මේකට යන්න එපා කියලා.
ඒකට පැහැදිලි හේතුවක් තියනවා. ඒ තමා අපි දන්නේ නෑ මේක ඇතුලෙදි අපිට හම්බ වෙන මිනිස්සු මොන වගේ අයද කියලා. ඔයා නොදැනුවත්ව මේක ඇතුලේ එහෙ මෙහෙ යන්ඩ ගියොත් සමහර විට ඔය දන්නෙම නැතුව කගේ හරි ගොදුරක් වෙන්ඩ පුළුවන්..
මේකේ තියන සමහර වෙබ් අඩවි වල Virus, Ransomware වගේ දේවල් පිරිලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒවගෙන් ආරක්ෂා වෙන්ඩ වෙනවා. හොදම දේ තමා Virtual Machine එකක් පාවිච්චි කරලා Tor Network එකට සම්බන්ද වෙන එක..
මේ වගේ කරුණු නිසා තමයි Dark web එක අනාරක්ශිතයි කියලා කියන්නේ..
මෙච්චර නීත්‍යානුකූල නැති තහනම් දේවල් තියෙද්දීත් ඇයි Dark web එක එහෙමත් නැත්තන් Tor Network එක තහනම් නොකරන්නේ ?
දැන් අපි මෙහෙම හිතුවොත්, Surface Web එකෙත් ඕන තරම් තහනම් දේවල් තියනවනේ. අපි ගත්තොත් Facebook එක ලංකාවේ අය විදිහට අපි දන්නවා රජයට හිසරදයක් වෙන තරමටම Illegal දේවල් facebook එක ඇතුලෙත් වෙනවා. ළමා අපචාර එක ඇතුලෙත් තියනවා. එහෙනම් ඇයි ඒවා ස්ථිරවම තහනම් කරන්නේ නැත්තේ.
මොකද Facebook හදල තියෙන්නේ මිනිස්සු එකතු කරන නිත්‍යානුකුල පරමාර්ථයකින් මිසක් තහනම් දේවල් කරන්න නෙමෙයි. තහනම් දේවල් වලක්වන්න Facebook එක තහනම් කරනවා කියන්නේ හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්නේ.
Tor Network එක හදලා තියන පරමාර්ථයත් එහෙම තමයි.
මේක හරහා ගොඩක් අය තමන්ගේ Privacy එක ආරක්ෂා කරගෙන internet පාවිච්චි කරනවා..අපි හිතමුකෝ මට ඕනේ කියලා රහසිගතව මොකක් හරි තොරතුරක් මාධ්‍යයට දෙන්න..මගේ අනන්‍යතාවය හෙළි නොකර..අන්න එකට හොදම විසදුමක් තමයි Tor කියන්නේ..
ඒ කොහොම උනත් China වල එහෙමනම් Tor තහනම්.
එතකොට Dark Web කියන්නේ Tor විතරද?
නෑ. Tor Network එක Dark Web එක ඇතුලේ තියන තවත් එක Network එකක් විතරයි.
I2P, Freenet කියන්නේ ඒවගේ Darkweb එකේ තියන තවත් ප්‍රසිද්ද network දෙකක්.ඊට අමතරව තවත් ප්‍රසිද්ද අප්‍රසිද්ද වගේම කවුරුත් නොදන්නා Network ඕනෙතරම් මේ Darkweb එකේ තියනවා.
ඉතින් මේ පිළිබදව දැනගන්න ඕනේ යට ඇති වෙන්න තොරතුරු ලැබෙන්න ඇති කියල හිතනවා. tor install කරගන්න විදිය වගේ ම dark web යන විදියත් ඉස්සරහට කියල දෙන්නම්.
إرسال تعليق