Media Access Control (MAC) Address
දැන් කතා කරන්න හදන්නේ MAC Address ගැන. MAC Address එකක් කියන්නේ ඕනෑම Network කරන්න පුළුවන් Device එකක තියෙන Wired හරි Wireless හරි Network Interface Card (NIC) එකටම Hard-Coded කරපු Network Address එකක්. මේක OSI Model එකේ Layer 2 Address එකක්. 👉😇
එකම Device එකේ NIC කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ එක් එක් NIC එකට MAC Address එක ගානේ කියෙනවා. මේක එක් එක් NIC එකකට පමණක් අවේණික වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තැන් දෙකක එකම MAC Address එක තියෙන NIC දෙකක් තියෙන්න බැහැ. 👎😒
MAC Address එකක් කියන්නේ 48-bit (6-byte). එය පෙන්වීම සඳහා Hexadecimal යොදාගන්නවා. MAC Address එකක් පහත සඳහන් උදාහරණයේ ආකාර තුනෙන් කැමති ආකාරයකට පෙන්වන්න පුළුවන්. 🤟😊
00-01-42-80-74-56
00:01:42:80:74:56
0001.4280.7456
MAC Address එකේ පළවෙනි 24-bit (3-byte) වලින් එම MAC Address අයිති වෙන NIC එක නිශ්පාදනය කරන ලද ආයතනය හඳුනාගන්න පුළුවන්. ඉතිරි 24-bit (3-byte) වලින් අදාල NIC එක හඳුනාගන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ MAC Address ඇතුලත් කරලා ඒකට අදාල NIC එක නිශ්පාදනය කරන ලද ආයතනය බලාගන්න පුළුවන්. 👉🧐
https://macvendors.com
දැන් ගැටළුක් එනවා ඇති මේ MAC Address එක වෙනස් කරන්න පුළුවන්ද කියලා. සරලම උත්තරය තමයි බැහැ. ඒ කියන්නේ එක එක Tools වලින් ඒ Original MAC Address එක වෙනස් කරන්න බැහැ. එහෙම වෙනස් කරනවා කියලා ඇත්තටම වෙන්නේ Original MAC Address එක Mask කරන එක විතරයි. ඒක හරියට අපි වෙස්මූණක් දාගත්තා වගේ වැඩක්. උඩින් වෙන MAC Address එකක් පෙන්නන එක විතරයි වෙන්නේ. යටින් Original MAC Address එක තියෙනවා. ✌️😇
අනිත් ගැටළුව තමයි Link එකක් දීලා වෙන කෙනෙක්ගේ MAC Address එකක් දැනගන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ඒක කරන්න සෑහෙන්න අමාරු වැඩක් මොකද අපි Internet එකට සම්බන්ධ වෙන්නේ අපේ IP Address එකෙන්. ඒකට MAC Address සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ MAC Address වලින් ගණුදෙනු කරන්නේ අපේ Local Area Network එකේ විතරයි. ඔයාගේ Router එකෙන් එහෙම නැත්නම් Modem එකෙන් ඔයාගේ Local Area Network එක ඉවර වෙනවා. ✋🤓
හැබැයි මෙහෙම කරන්න පුළුවන් මොකක් හරි Program එකක් හරි App එකක් හරි අදාල පුද්ගලයාගේ Computer එකේ හරි Phone එකේ හරි Install කරවලා එතනින් MAC Address එක අපිට ගෙන්වා ගන්න පුළුවන්. 🤜🤫
Post a Comment