HACKING යනු...🔥
- යම් කිසි පරිගණකාශ්රිත පද්ධතියක ඇති දුර්වලතා නැත්නම් (vulnerabilities ) හදුනාගෙන එම system එකෙහි බලය තමන් අතට ලබා ගැනීම සරලවම hacking කියල හදුන්වන්න පුලුවන්.
HACKER..🔥
- කව්ද මේ හැකර් කියන්නෙ.🙄
*HACKER කීව ගමන්ම ඔයාලගෙ ඔලුවට එන්නෙ එක්කො computer එකෙන් හොරකම් කරන හොරෙකුගෙ රූපයක්.නැත්නම් virus හදලා පතුරවලා සල්ලි වලට hacking කරන කෙනෙක්ගෙ රූපයක් තමයි මේ සමාජයෙන් අපෙ හිත් වල මවලා තියෙන්නෙ.එහෙමත් නැත්නම් විවිධ films වලින් අපේ හිත්වල මවල තියෙන රූප තමයි computer ගැන හැම දෙයක්ම දැනගෙන සට සට ගාල keys 10 ක් 15 වක් විතර ඔබපු ගමන් NASA එක උනත් හැක් කරන්න පුලුවන් , වීරයෙක් වගේ චරිතයක්.😕😕😕
ඇත්තටම ඕකෙන් මොකක්ද හරි🙄
ඔය අදහස් දෙකම ගොඩක් දුරට වැරදී.මොකද හැම hacker කෙනෙක්ම නරක නෑ මොකද ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම නරක අදහස් වලින් විතරක් ඉන්න අය නෙමෙයි.
අනිත් අතට films වල වගේ keys ටිකක් ඔබලා system එකක් අතට ගන්නවා කියන එකත් ප්‍රායෝගික නෑ..😅😅.
ඒකට ලොකු දැනුමක් ඕනි වගේම අත්දැකීම් තියෙන්නත් ඕනි.
ඇත්තටම hacker කෙනෙක් කියන්නෙ කවුද කියලා බැලුවොත් එයලව වර්ග කිහිපයකට බෙදලා වෙන් කරන්න පුලුවන්.හරි දැන් බලමු hackers ල වර්ග කිහිපයක්....😳
⚫ Blackhat hackers
-යම් කිසි System එකක තියන වැරදි හොයල නීති විරෝදී විදියට ඒකෙ බලය තමන්ගෙ අතට ගන්න කෙනෙක්ව මේ නමින් හදුන්වන්න පුලුවන්.
⚪Whitehat Hackers
- යම් කිසි System එකට තියන වැරදි හොයලා නීත්‍යානුකූල විදියට බලය අල්ලා ගන්නා කෙනෙක්ව මේ විදියට හදුන්වන්න පුලුවන්. -දැන් ඔයාලා බලනවා ඇති නීත්‍යානුකූල විදියට බලය අල්ලගන්නෙ කොහොමද කියලා .මෙහෙමයි ,සමහර වෙබ් අඩවි වල එහෙම admin න්ට ඕනි වෙනවා තමන්ගෙ වෙබ් අඩවිය කොයි තරම් දුරට ආරක්ශිතද කියලා බලන්න.ඒ වගේ වෙලාවට මේ වගේ Whitehat Hacker කෙනෙක්ට නීත්‍යානුකූල අයිතිය දෙනවා තමන්ගෙ වෙබ් අඩවිය හැක් කරන්න කියලා.එතකොට වෙබ් අඩවියේ ආරක්ශාව සහතික කරගන්න පුලුවන් නිසා....😊
⚪⚫Greyhat Hackers
blackhat hackers ල තනිකරම නීතිවිරෝදී විදියට වැඩ කරද්දී whitehat hackers ලා නීත්‍යානුකූලව වැඩ කරද්දී සුදුයි කලුයි දෙකේම එකතුවෙන් හැදිච්ච පාට වෙන අළු පාටිමුත් අපිට පිරිසක්ව නිරූපනය කරන්න පුලුවන්..මේ අය ලග අර කලින් කීව දෙවර්ගයේම අය ලග තියෙන ගති ලක්ෂණ තියන්වා. අපි හිතමුකො කෙනෙක් වෙබ් අඩවියේ admin කෙනෙක්ගෙන් අහන්නේ බලන්නෙ නැතුව අවසරයකින් තොරව hack කරනවා .ඒත් පස්සෙ නිර්නාමික විදියට admin ට කියනවා මේ විදියේ අඩුපාඩුවක් ඔයාගෙ වෙබ් අඩවියේ තියනවා ඒක හදාගන්න කියලා.මෙන්න මේ විදියේ අයව හදුන්වන්න පුලුවන් Greyhat hacker කියලා.✔️Hacktivists
මේ නමින් හදුන්වන්නෙ තමන්ගේ මොකක් හරි අදහසක් පතුර වන්න මිනිස්සුන්ගේ අවදානය ලබා ගන්න හදන කෙනෙක් හෝ පිරිසක් මේ නමින් හදුන්වන්න පුලුවන්.
මේ වගේ Hacktivists ලා එක්කො දේශපාලන අදහසක් පතුරවන්න හරි එහෙම නැත්නම් ප්රජාතන්ත්රවාදය ,සමාජවාදය ,නිදහස වගේ දේවල් පතුරවන්න හරි තමයි උත්සහ කරන්නෙ ගොඩක් වෙලාවට.
ඒකට එයාල කරන දේ තමයි වෙබ් පිටුවක home page එක වෙනස් කරලා තමන්ගෙ අදහස දාන එක.
හොදම උදාහරනෙ තමයි පහු ගිය කාලෙ President website එකට එල්ල වුනු ප්‍රහාරය .එහෙමත් නැත්නම් DDos Attacks දීල තමන්ට විරුද්ධ අදහස් තියෙන වෙබ් අඩවි වට්ටලා ප්‍රසිද්ධියක් ලබා ගන්න එක...🔊
ලෝකෙ ප්‍රසිද්ධ Anonymous ,LulzSec වගේ Hacking Team මේ ගණයට තමයි අයිති වෙන්නෙ.....😯
එතකොට මේ වගේ Hacktivists ලා නීතිවිරෝදී නැද්ද කියන එක ගැන විවිධ අදහස් තියනවා.සමහර දෙනෙක්ගෙ අදහස තමයි සාමකාමී උද්ඝෝෂණ නීතියෙන් තහනම් නැත්නම් DDoS වලින් වෙන්නෙත් ඒවගේම දෙයක් , ඒ නිසාම ඒකත් නීත්‍යානුකූලයි කියන එකයි.✔️
ඒ කොහොම උනත් ගොඩක් රටවල් වල නම් මේ දේවල් නීතිවිරෝදී ක්‍රියා කියල තමයි ප්‍රායෝගිකව පවතින්නෙ....🤒
🎊Script Kiddies
මේ කොටසට අයිති වෙන්නෙ තමන්ට Hacking ගැන ලොකු දැනුමක් නැති උනාට අනිත් Hackers ලා හදපු Tools , Scripts , Software පාවිච්චි කරලා Hack කරන අය තමයි මේ ගණයට අයත් වෙන්නෙ...උදාහරනයක් කීවොත් SQL Injection Attack එකක් දෙන්න පාවිච්චි කරන්න පුලුවන් ප්‍රසිද්ධ Tool 2කක් තමයි Havii සහ SOLmap කියන්නෙ .
ඉතින් SQL Injection Attack එකක් කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කෙනෙක්ට උනත් පුලුවන් අර කලින් කීව වගේම Tools පාවිච්චි කරලා වෙබ් අඩවියක database එකකින් (දත්ත ගබඩාවකින්) තොරතුරු ලබාගන්න..
මේ වගේ අය තමයි Script Kiddies කියලා හදුන්වන්නෙ..
ඉතින් ගොඩක් අය ඉන්නෙ මේ Script Kiddies ලගෙ ගොඩේ...😯
إرسال تعليق