Termux


Termux කියන්නෙ මොකද්ද ❓❓*

termux කියන්නේ මොකක්ද. termux කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි .termux කියන්නේ CLI ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ command line interface appication. මේක අපේ kalilinux එකේ තියෙන terminal එක වගේ ඇන්ඩ්‍රොයිඩ් එකට හදලා තියෙන terminal එකක්. එයාලා අපිට kali linux terminal එක termux කියන නමින් අපේ ඇන්ඩ්‍රොයිඩ් එකට හදලා දීලා තියෙනවා.ඉතිං අපිට අර linux terminal එකේ run කරන commands ටිකමයි අපේ termux එකෙත් run කරන්න තියෙන්නේ. අපි එයාට command එකක් දුන්නනම් එයා ඒ command එකට අනුව වැඩේ කරනවා. ඉතිං අපිට linux terminal එක වගේ මේ termux එකෙත් commands run කරන්න පුළුවන්. අපිට ඒ වගේම tools run කරන්න පුළුවන්. තව අපේ own tools හදන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය අහනව termux ඉගෙන ගන්න ඕනෙද කියලා. ඉතින් termux කියන්නේ සාමාන්‍ය command prompt එකක් විතරයි. ඒකටම කියලා ඉගෙන ගන්න දෙයක් නෑ. ඔය command prompt එකේ රන් වෙන හැම command එකක්ම bash language එකෙන් තමයි run වෙන්නේ. අපි ඉගෙන ගන්න තියෙන්නෙ ඒකට අවශ්‍ය tools හදන හැටි විතරයි. ඒකට අපි programming ඉගෙන ගන්න ඕනේ. අපිට මේ termux එක information gathering වලදි ගොඩක් වටිනවා. අනිත් එක මේ termux එකේ gui programs run කරන්න බෑ. මේක texts විතරයි support කරන්නෙ. ඉතින් ඔයාලට මේ termux එක හරියටම පාවිච්චි කරන්න නම් ඔයාට ඔයාගෙම tools හදන්න නම් programming languages දැනගෙන ඉන්න ඕනේ.


🔷Basic programming languages for termux 

1. Python
2. Bash
3. Node
4. Ruby
5. Perl

🔷Basic termux Commands

$ cd <directory name> (වෙනත් directory එකකට යන්න)
     උදා:- $ cd myFolder

$ cd .. (පසුපස directory එකට යන්න)
$ ls (directory එක ඇතුළෙ තියෙන දේවල් බලන්න)
$ pkg install <package name> (package එකක් install කිරීම සඳහා)
    උදා:- $ pkg install python

$ pkg update (packages update කිරීම සඳහා)
$ pkg upgrade (packages වල updates install කිරීමට)
$ git clone <github link for the tool> (git hub එකෙන් tools install කිරීම සඳහා)
    උදා:- $ git clone https://github.com/ToolCreator/tool.git

$ mkdir <new directory name> (අලුත් directory එකක් හදන්න)
    උදා:- $ mkdir newFolder

$ rm (file එකක් delete කිරීම සඳහා)
    උදා:- $ rm main.py

$ rm -rf (directory එකක් delete කිරීම සඳහා)
    උදා:- $ rm -rf myFolder

$ cp <file name> <copy path> (file එකක් copy කිරීම සඳහා)
    උදා:- $ cp main.py my /myTool

$ mv <file name> <move path> (file එකක් move කිරීම සඳහා)
    උදා:- $ mv main.py my /myTool

$ pwd (දැන් අපි ඉන්න directory path එක දැනගැනීමට)
$ exit (session එකෙන් ඉවත් වීමට)
$ echo <text> (termux එකේ කිසියම් දෙයක් print කිරීමට)
    උදා:- $ echo hello ➲➲ output : $ hello

🔷main packages installation for termux

1. git ➲ $ pkg install git
2. python ➲ $ pkg install python
3. nano ➲ $ pkg install nano
4. figlet ➲ $ pkg install figlet

🔷termux එකට storage access ලබා දීම
$ termux-setup-storage

✦end of this note.....✦

إرسال تعليق

Post a Comment (0)

أحدث أقدم