🔥☠️What Is Carding☠️🔥
❌ඉස්සෙල්ලාම මේක පටන් ගන්න කලින් මන් දෙයක් කියන්න ඔනි.මචං මන් මේක කියල දෙන්නේ මේකෙන් ආරක්ශා වෙන්න සහ මේක මොකක්ද කියලා දැන ගන්න විතරයි.ඉතින් මේක කරන විදිහ හොයාන් ඊට පස්සේ ගොන් ආතල් එකක් ගත්තොත් ඒක මට නම් අදාල නෑ හරිත‼️
✳️යන් එහෙනම් කතාවට🔥
☣️මොකක්ද මේ Carding කියන්නේ?
㊙️යම් කිසි පුද්ගලයෙකුගේ හෝ වෙනත් ක්‍රමයක් මගින් ලබා ගත් ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබ්ඩ් කාඩ් එකක් අයතා ලෙස බාවිතා කර මුදල් වංචාවන් සිදුකිරීම තමා මේ.
㊙️සරලවම කිව්වොත් හැක් කරපු ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ් තමා මේකට පාවිච්චි කරන්නේ.හරි නේ ඔන්න ඕක තමා කාඩින් කියන්නේ.
❌ඉතින් මේක කරන අයට කියන්නේ Carders කියල.
⚛️ඉතින් මන් පටන් ගද්දිම කිව්ව වගේ මේක පට්ටම නීති විරොදී වැඩක්.ඉතින් කරන්න යන්න නම් එපා.එච්චරයි.
⚠️ඉතින් මේ Carding කියන එකේ කාඩ්ස් වර්ග තුනක් තියනවා එකක් තමා ඇත්ත කාඩ්පත්,දෙවෙනි එක තමා බාගෙට කාඩ්පත්,අන්තිම එක නම් මට කියන්න බෑ😹.
🔴ඉතින් මේ ඇත්ත කාඩ්වල පාවිච්චි වෙන්නේ ඇත්තම තොරතුරු.ඒ කියන්නේ කොහේ හරි තියන කෝඩ් එකකින් තමා මේක කරන්නේ.
❇️ඉතින් මේක වෙන විදිහ ගැන අනිවාරයෙන්ම කියන්න ඕනි මොකද අපි මේක කතා කරන්නේ මේකෙන් ආරක්ශා වෙන්න නිසා.
🚸ඉතින් අපි කලිනුත් කතා කරල තියනව නේ phishing attack ගැන.ඉතින් මේකත් එහෙම එකක් හරහා තමා සිදුකරගන්නේ.
‼️ඉතින් ඔයාට මොකක් හරි එකක් එවනවා මේ පෝන් එක මේකේ අඩුයි ඔයාගේ කාඩ් එකේ ඩීටේල්ස් දාලා ගන්න කියල.ඉතින් ඔයත් ගොනා සේ දුන්නොත් ඔයාගේ කාඩ් එකේ දත්ත ඒ ටික මේ ගොල්ලොන්ට යනවා.
⚛️ඉතින් ඊට පස්සේ කරන්නේ මොකක්ද,
🌎එක්කෝ ඒ ගොල්ලෝ මොනාහරි මිලදී ගන්න මේ කාඩ් එක පාවිච්චි කරනවා.
🌎නැත්නම් ඩාර්ක්වෙබ් වල සේල් කරනවා.
🔰ඉතින් ඕක තමා මේක වෙන විදිහ සහ උනාට පස්සේ මේ ගොල්ලෝ කරන ටික.
⚛️ඉතින් මේකේ මන් ලොකුවට මොකක්ද මේ phishing කියන එක ගැන කියන්න ගියේ නෑ.අපි කලින් කියල දුන්න නිසා...
🔴ඉතින් මේ බාගෙට කාඩ්වල පාවිච්චි වෙන්නේ නම් මෙහෙමයි.
⛔️මේක කරන කෙනාට යම් කිසි හැකින් ගැන දැනුමක් තියෙන්න ඔනි.ඉතින් එයා මොකද කරන්නේ ඒ දැනුම පාවිච්චි කරලා බොරු දත්ත දීලා භාණ්ඩ මිලදී ගැනීමක්.
✴️ඉතින් මේකත් නිකන් අර ඕගොල්ලෝ පාවිච්චි කරන bins වගේම තමා.ඒකෙත් තියෙන්නේ cc greater එකක් එහෙම දාලා පොඩි වැඩක් දාන එකක් නේ.ඒ උනත් ඒක හැම එකේම කරන්න බෑනේ.පොඩි පොඩි software වලට එහෙම පාවිච්චි කරන්න පුලුවන්.
㊙️ඉතින් මේක එහෙම නෙවෙයි පොඩ්ඩක් බරපතලව පාවිච්චි කරනවා.
🔴ඉතින් අන්තිම එකේ නම කියන්න බැරි උනත් ඒක වෙන විදිහ ගැන කියන්නම් මන්.
⛔️ඉතින් මේක කරන කෙනාට කිසිම හැකින් සම්බන්ද දැනුමක්වත් කාඩ් එකක්වත් නෑ.ඒ වෙනුවට ඒ ගොල්ලෝ කරන්නේ බොරු වෙලද දැන්වීම් දාලා ඒක හරහා ඔයාගේ මුදල් වංචා කරන එක.
🌎ඒ කියන්නේ නිකන් හිතමුකො මෙහෙම,ඔය බොරු වෙලද දැන්වීම් වලින් තමා මේක ගොඩක්ම කරන්නේ.
✴️ඒ කියන්නේ ඉතින් මොකක් හරි දෙයක් පෙන්නලා මේක ගන්න කියලා ඒ ගොල්ලො ගත්ත අයගේ සාක්ශිත් පෙන්නලා ඊට පස්සේ ඔයා කෙරෙහි ඒ වෙලද නාමය කෙරෙහි තියන විශ්වාසය මත ඔයා ඒ දේ මිලදී ගන්නව කියන්න කෝ.
⚛️ඉතින් ඔයාට ආය හම්බෙන දෙයක් නම් නෑ හැබැයි අර කෙනාට සල්ලි නම් ගිහින්.ඉතින් ඒ කියන්නේ ඔයාව ගානට රවට්ටලා තියන එක නේ.
🚫ඉතින් මේකට ගොඩක්ම අහුවෙන්නේ මේ it සම්බන්ද ක්ශේත්‍රයට අලුතින්ම එන අය තමා🥲💥
🎭ඉතින් කාඩින් ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ නම්.
🚸ඉතින් ඊලගට අපි බලන්නම ඕනි දේ නේ මේකෙන් ආරක්ශා වෙන විදිහ.
☄️හැම වෙලේම Domain name එක සහ url එක check කරන්න.(වැඩි විතර ඕනි නැනේ ආය)
☄️email එකකට එන හැම දෙයක් අස්සේම රිංගන්න යන්න එපා.
☄️දන්නේ නැති දේවල් ගන්න නිකන් බොරුවට තමන්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න එපා.
☄️කාඩ් එකෙන් සල්ලි නැති වෙනව වගේ හැගුනොත් කෙලින්ම බැංකුවට කෝල් එකක් දීල බලන්න ඇයි මේ කියල.
⚛️කරන්න නම් තියෙන්නේ ඔච්චරම තමා.
🔥අන්තිමේට පොඩි දෙයක් කියන්නම්.මේකටත් පාවිච්චි වෙන පොඩි පොඩි Tools නම් තියනවා.උදාහරණයකට එකක් කිව්වොත් RDP එක.ඉතින් ඔය වගෙ ටිකක් තියනවා ටූල්සුත්.ඉතින් ඒවගැනත් හොයල බලන්න.
إرسال تعليق