Crawlability

 

*Crawlability*


Google එකේ ඔබේ website එකේ පිටු ගබඩා වීම එහෙමත් නැත්නම් google එකට ඔබේ වෙබ්පිටු එකතු වීම index වීම ලෙස හදුන්වන්න පුලුවන්, මේ ගැන google search console මගින් සොයාබලන්න පුලුවන් google search console එකට ඔබේ website එක එකතු කිරීමෙන් පසු. නමුත් index වීමට නම් google එක දැනගතයුතු වෙනවා ඔබේ website එක පිලිබදව. ඔබ website එකක් සෑදු පමණින් එය සිදුවන්නේ නැත. 


google-crawler

Google එක අලුතෙන් සෑදෙන websites ගැන සොයාබලන්න ක්‍රම කීපයක් යොදාගනුලබන බව පවසනවා. එම සොයා බැලීම කරන ප්‍රධාන ක්‍රමවේදය වෙන්නේ crawling. websites තුළ පවතින links පසුපස ගමන් කිරීම තමයි මෙහිදී සිදුවන්නේ සරලවම. මේ සදහා Google Spider ලෙස හදුන්වනු ලබන computer program එක යොදාගෙන තමයි මෙය සිදු කරනු ලබන්නේ. 


මේ crawl කිරීම google search console එකට ඔබේ website එක add කිරීමෙන් පසුව සිදුකරණු ලබනවා. ඒ වගේම මේ වෙද්දීත් index වෙච්ච website එකකින් ඔබ අලුතෙන් සෑදු website එකට backlink එකක් ලැබී ඇත්නම් එම link එක හරහා ඔබේ link කර ඇති වෙබ් පිටුවට පැමිණ ඔබේ අනෙකුත් වෙබ්පිටුත් සොයා යමින් crawl කිරීම සිදුකරනු ලබනවා.

Crawlability කියන්නේ ඉතාම වැදගත් දෙයක් මොකද ඔබ කොයි තරම් හොදට search engine optimize කිරීම සිදුකරත් වැඩක් වෙන්නේ නෑ Google එකට ඔබේ වෙබ්පිටු පෙනෙන්නේ නැත්නම්. Google එකට නොපෙනෙන දෙයක් rank වෙන්න කිසිම හැකියාවක් නෑ. 


Google crawler ට ඔබේ website එක හදුනාගන්න නොහැකි වෙන හේතු.

Crawlability එක පහසු කරන ප්‍රධාන සාදයක් වෙන්නේ website එකේ පවතින internal links silo එක, ඉතින් ගොඩක් අය නොදැනුවත්කම නිසාම එච්චර හිතන්නේ නෑ internal links ගැන. හැබැයි එහෙම වුනොත් නම් ලොකු පාඩුවක් තමා වෙන්නේ. දුර්වල internal links silo එකක් තිබීම Crawlability එක බොහෝ සෙයින් අඩු කරනවා.


No-followed internal links තිබ්බොත් ඒවා හරහා ගිහින් crawl වෙන්නේ නෑ. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න.

No-indexed pages තියෙනවා නම් ඒවා crawl කරන්නේ නෑ, ඉතින් ඔබට අවශ්‍යම pages වලට No-index දාල තිබ්බොත් එකත් ප්‍රශ්නයක් වෙනවා. wordpress වල නම් SEO Plugin එක හරහා මෙය සකස් කරගත් හැකියි.


Robots.txt නම් වූ text file එක හරහාත් අපිට website එකේ crawl වෙන්න දිය යුතු අවසරය හෝ තහනම ඇති කරන්න පුලුවන්. මේ සදහාද wordpress Plugin එකක් යොදාගන්න පුලුවන් පහසුවෙන්ම.

ඉතින් මේ කතා කරපු සාදක වලට සැලකිල්ලක් දැක්වුවොත් ඔබට crawl වීමට ඇති බාදා ඉවත් කරගන්න හැකි වෙනවා.

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post